සඳ ඇබින්ඳක්
අහිමි අහසක් සේ...
මුළු හිතම අඳුරුයි ගොළුයි
ඔබ නොමැති දවසේ
නමුදු දිළෙමින් යළි නිවීයයි
මතකයන් රහසේ
තාරුකා විලසේ
එක්ව අප පියමැන්න පෙත් මග
කාලයෙන් වැහිලා ගියත්
අපේ පා දොවමින් ගලා ගිය
දොළ සිඳී වියළී ගියත්
තවම මා හැරනොගිය මතකය
පෙත් මගේ ඇවිදිනවා
දියේ පා දෝවනවා
කාලයෙන් සුවපත් නොවන හද
ඔසුව ඔබ පමණක් උවත්
මගේ උයනේ නොවේ ඔබ අද
බෝ දුරයි හිතටත් මටත්
තවම මා හැරනොගිය පණ නළ
සෝ සුසුම් තව දෙනවා
පේ‍්‍රමයෙන් රිදවනවා
මුළු හිතම අඳුරුයි ගොළුයි
ඔබ නොමැති දවසේ
නමුදු දිළෙමින් යළි නිවීයයි
මතකයන් රහසේ
තාරුකා විලසේ
එක්ව අප පියමැන්න පෙත් මග
කාලයෙන් වැහිලා ගියත්
අපේ පා දොවමින් ගලා ගිය
දොළ සිඳී වියළී ගියත්
තවම මා හැරනොගිය මතකය
පෙත් මගේ ඇවිදිනවා
දියේ පා දෝවනවා
කාලයෙන් සුවපත් නොවන හද
ඔසුව ඔබ පමණක් උවත්
මගේ උයනේ නොවේ ඔබ අද
බෝ දුරයි හිතටත් මටත්
තවම මා හැරනොගිය පණ නළ
සෝ සුසුම් තව දෙනවා
පේ‍්‍රමයෙන් රිදවනවා
No comments:
Post a Comment
මිදුණු හී සර වැදුණු සිතක සිතුවිලි රළ රැළි