Tuesday, February 4, 2014

පශ්චාත්තාපය

 
Photo By Luigi Caterino

දෑත් බැඳ නොමැති මුත් යදමින්
දමා නැති මුත් සිපිරි මැදිරියක
සිතින් අප දමාගත් යදම් ඇත
සිතින් සිරබත් බුදින මැදිරි ඇත

වර්තමානයක් නැති පොළවක
හාරමින් ඉතිහාසයේ මහා වළවල්
ගොඩට ගෙන දිරාගිය උරුමයන්
වැළලෙමු ද ඒ තුළම අපි
අනාගතයක් දෙසට
නොතබමින් එකදු එක පියවරක්

විවර වී ඇති නමුත්
විශ්වයට සියක් මහ ද්වාරයන්
හැංගි මුත්තම් කරමු අපි
සැගවී ගුලි ගැහී
ඒ ද්වාරයන් කොණක මුල්ලෙහි

සැගවෙන්නටම මිස
සොයන්නට කිසිම කිසි කෙනෙක් නැති
මේ මහා හැංගි මුත්තම
අපි අපෙන් සැවෙන්න හදාගත්
බොරුකාර පුහු සෙල්ලමක් ම මිස
කුමක් වෙද ?

No comments:

Post a Comment

මිදුණු හී සර වැදුණු සිතක සිතුවිලි රළ රැළි