Tuesday, March 11, 2014

ඒකාධිපතියාගේ උයනෙහි

දිනක් දුටුවෙමි මම
අභිරහස් ලෙස ඝාතනය කළ
පරමාධිපත්‍යයේ මළකුණ
ඉදිමී විරූපිව පාවෙමින්
ඒකාධිපතියාගේ උයනෙහි
මහා කුණු ඇල තුළ

ඔහුටම අයිති අහසෙහි
ගිණි රතු උකුසු ඇස් දල්වන
අහිංසක පොඩි සතුන් පමණක්ම
ගොදුරු කොට වළඳන
නීතිය තඩි උකුස්සෙකි
වෙඩි තබා මරන්නට හිත් දෙන

නිදහස සමරන්න
ඔබ එවූ ජාතියේ කොඩියමම
විසිකලා අසල වූ වැවකට
පිහිනන්න නොදන්නේ නම් කෙසරු
මියෙම්වා ගිලී ජලයෙහි
එයින් කම් නැත මට

දේශානූරාගය කුමට
මගේ යැයි නොහැගෙනා රටකට
නොමරාම
පණ පිටින් වැළලූවා එය මම
වත්ත කෙළවරක වූ
හොල්මන් නුගය යට
කිසි දා නොනැගිටින්නට..

1 comment:

  1. තරු අක්කා මේක මුණු පොතේ ශේයා කළ නිසා බ්ලොග් එක හොයන් ආවේ.
    නමයි පින්තුරෙයි දැක්කම අයියාගේ මතක් වුණේ මේ කවුද කියලා :) 

    ReplyDelete

මිදුණු හී සර වැදුණු සිතක සිතුවිලි රළ රැළි