Thursday, June 6, 2013

රුයිත හත





සැබැවි
මම රුයිත හත

කුලයෙන් ද
බලයෙන් ද
නිළයෙන් ද
අන්තෙටම පිරිහුණ
කිසිවෙකුත් නොසලකන
මමයි ඒ
පාච්චල් රුයිත හත

වංශවත් යැයි කියන
රජවරු ද
රජ බලෙන් තෙද පාන
බිසවුන් ද
උන්ට ආවැඞීමෙන් බලය ගත්
බූරු මැති ඇමතින් ද
තුට්ටුවට නොසලකන
නෝන්ජල් කොළය මම
සැබවි
මම රුයිත හත

තඹේකට නොකර මායිම් නිතොර
ඔච්චමට හිනැහෙන්න
දකින දකිනා විටම
කපා පාගා දමා පරදන්න
සහමුලින් වනසන්න
එහෙත් මට හැකිය තව ඉවසන්න
සැබවි
මම රුයිත හත

නමුත් කොළ වෙනස් වනු ඇත දිනක
රුයිතයට පවා බලතල ලැබෙන
රාජ වංශය පවා දන නමන
බිසෝවරු ඇමතියන් හිස නමන
නෝන්ජල් යැයි කියා සිනාසුණු
රුයිත හතකින් පවා ගෙළ සිඳෙන

එතෙක් මා පෙළා ඔබ වැජඹෙන්න
මට හැකිය තව කලක්
ඔහේ ඉවසා ඉන්න

සැබැවි
මම රුයිත හත..

No comments:

Post a Comment

මිදුණු හී සර වැදුණු සිතක සිතුවිලි රළ රැළි